RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුම (Multi boot)




බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුම (Multi boot) යනු මෙහෙයුම් පද්ධති (operating systems) කිහිපයක් එකම පරිගණකය පිහිටුවනවා, එම පරිගණකය ආරම්භය විට අපට අවශ්‍ය මෙහෙයුම් පද්ධති තෝරා ගනිමට හැක. බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුම කළහැකියා ලබා දුන්නේ පද්ධති පනගැන්වුම පටවන (Boot loader) ක්‍රමලේඛය (program) යි. GRUB, BOOTMGR, LILO or NTLDR ක්‍රමලේඛ පද්ධති පනගැන්වුම පටවන ක්‍රමලේඛය වේ

ප්‍රයෝජනවත් අවස්ථා බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුමේ
  • පරිගණක මෘදුකාංගවලට නොයෙක් මෙහෙයුම් පද්ධති අවශ්‍ය විට
  • සියලුම පරිගණක මෘදුකාංග එකම පරිගණකයක ක්‍රියාත්මක කරනවා ගත හැක
  • තව මෙහෙයුම් පද්ධති පරීක්ෂා කිරීමට

ගැටලු අවස්ථා බහු මෙහෙයුම් පද්ධති පනගැන්වුමේ
  • එක මෙහෙයුම් පද්ධතියක සිට අනිත් මෙහෙයුම් පද්ධති ලිපි ගොනු හඳුනා ගත නොහැක.

7 comments:

ශාකුන්තල said...

"එක මෙහෙයුම් පද්ධතියක සිට අනිත් මෙහෙයුම් පද්ධති ලිපි ගොනු හඳුනා ගත නොහැක."

බොහෝ විට නිවැරදි නොවේ.

ලිනක්ස් සිට ntfs partitions කියවන්න ntfs-3g මෘදුකාංගය පාවිච්චි කරන්න පුළුවන්.

වින්ඩෝස් වල සිට ext-3 partitions කියවන්න DiskInternals ලිනක්ස් රීඩරයෙන්.

අනෙකුත් ගොනු පද්ධති සඳහා මෘදුකාංගත් හොයාගන්න පුළුවන් පොඩ්ඩක් අන්තර්ජාලයෙ සොයා බැලුවොත්.

Madhuka said...

ස්තුතියි!!!

ntfs-3g හා Disknternal යනු software. මම කියා ඇත්තේ මෙහෙයුම් පද්ධති මිසක් software.
මෙම software පද්ධති මගින් එක මෙහෙයුම් පද්ධතියක සිට අනිත් මෙහෙයුම් පද්ධති ලිපි ගොනු හඳුනා ගත හැක.
මෙම හැකියාව ඇත්තේ මෙහෙයුම් පද්ධතියට නොව මෙම software වලට නෙවෙද??

ශාකුන්තල said...

"එක මෙහෙයුම් පද්ධතියක සිට..."

මම එහෙම කීවේ සිට කියන වචනෙ නිසා.

මෙහෙයුම් පද්ධතියකට දෘඩ තැටිය සම්පූර්ණයෙන්ම කියැවීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියට පුළුවන් දෘඩ තැටියේ තියෙන දත්ත raw bytes ආකාරයෙන් කියවා ගන්නට. ඒ ආකාරයෙන් දත්ත කියවන්න පුළුවන් කියන්නේ වෙනත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරල තියෙන partitions කියවන්නත් පුළුවන්. දත්ත ගොනු කියවීම කියන්නේ අදාළ ඇල්ගොරිතම කීපයකට බාර දෙයක්. මේ නිසා ඔබ කියූ කරුණ සමග එකඟ වෙන්න බැහැ.

"මෙම හැකියාව ඇත්තේ මෙහෙයුම් පද්ධතියට නොව මෙම software වලට නෙවෙද??"

නියම අර්ථදැක්වීමට අනුව මෙහෙයුම් පද්ධතිය කියන්නේ කර්නල් එක. කර්නල් එකත් එක්ක සම්බන්ධව ඊට පරිබාහිරව තියෙන උපයෝගීතා යෙදුම් (utilities) වලට තියෙන හැකියාවක් ඔය ගොනු පද්ධති හඳුනා ගැනීම. නමුත් සාමාන්‍යයෙන් අපි මෙහෙයුම් පද්ධතියක් ලබා ගන්නකොට අපට ලැබෙන්නේ කර්නල් එක + උපයෝගීතා + shell එකක්. ඉතින් ඔය එකතුවේ ස්වභාවය අනුව, සමහර උපයෝගීතා මගින් ඒවාට නියමිතව තියෙන ගොනු පද්ධති හඳුනාගැනීමේ හැකියාව පෙරනිමියෙන් ලබා දී තියෙනවා. වෙනත් ගොනු පද්ධතියක් හඳුනාගන්න අවශ්‍ය උපයෝගීතාවක් නිර්මාණය කරලා කර්නල් එකට ප්ලග් කරන්න පුළුවන් නම් මෙහෙයුම් පද්ධතියෙන් ඒ අළුත් ගොනු පද්ධතියත් හඳුනාගනීවි.

අනෙක් කාරණාව... ගොනු පද්ධති හඳුනාගන්න kernel + utilities + shell කියන කොටස් වලින් නිර්මිත මහා ලොකු පද්ධතියක් වෙන්න ඕනෙ නැහැ. Bootloader එකට පුළුවනි partition ඇතුලේ තියෙන ගොනු හඳුනාගන්න. නැත්තං කොහොමද kernel එක ධාවනය කරන්නේ?

Madhuka said...

ස්තුතියි! ගොඩක් වැදගත් තොරතුරැ!!

Bootloader එකට පුළුවනි partition ඇතුලේ තියෙන ගොනු හඳුනාගන්න. එත කොට master boot record (MBR) මොකටද?

partition එකේ OS කිහිපයක් තිබාබොත් Bootloader එකට පුළුවනි එවාත් හදුනාගන්න?

chathuraw said...

MBR එකේ තමයි පරිගණකය පණ ගන්වන විට මුලින්ම Hard disk එකෙන් කියවන දත්ත තියෙන්නෙ. ඒකේ තියෙන දත්ත වලින් තමයි මෙහෙයුම් පද්ධතිය start කිරීමට අවශ්‍ය තොරතුරු ලබාගන්නෙ. ඇත්තටම ඒකෙ තියෙන්නෙ මෙහෙයුම් පද්ධතිය hard disk එකේ තියෙන්නෙ මෙතන කියන එක.

Multi boot environment එකකදී මෙහෙයුම් පද්ධති කිහිපයක් තියෙන නිසා තමයි GRUB, LILO වැනි Bootloader එකක් පාවිච්චි කරන්න වෙන්නෙ. මේකෙදි වෙන්නෙ මුලින්ම මෙහෙයුම් පද්ධතිය start කරනවා වෙනුවට මෙහෙයුම් පද්ධති කිහිපයෙන් කැමති එක තෝරාගන්න අවස්තාවක් දෙනවා. තෝරාගත්තාට පසු Bootloader එක මගින් එම පද්ධතිය load කරලා දෙනවා.

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

BIOS වලින් මුලින්ම MBR එක RAM එකට load කරලා දෙනවා. ඒක 512bytes වගේ ප්‍රමාණයක්. MBR එකේ තියෙන්නේ grub stage 1 සහ partition table එක. grub stage 1 වලින් grub stage 1.5 load කරනවා. ඒකෙන් grub stage2 load කරනවා.grub stage 2 ට පුළුවන් initially partition read කරන්න. ඒකෙන් එයා තමන්ගෙ configuration file එක කියනවලා display කරනවා. මේ තමයි අපි දකින grub menu එක. මෙතනින් අදාල අයිතමය තේරුවාම ඒ තෝරපු partition එකේ boot sector එක RAM එකට load කරනවා. මෙතන ඕන නම් තව boot loader එකක් තියෙන්නත් පුළුවන්. සාමාන්යෙන් ඊළඟට kernel එක load කරනවා. kernel එකෙන් මුල්ම process එක විදිහට init කියන process එක create කරනවා. සාමාන්‍යයේන් process එකක් හදන්නෙ තව process එකකින්. මුලින්ම කිසිම process එකක් නැති නිසා kernel එකෙන් init කියන process එක හදන්නෙ. init එකෙන් තමයි login එක දෙන getty කියන process එක run කරන්නෙ. මේ විදිහට තමයි machine එකේ OS boot process එක වෙන්නෙ.

Madhuka said...

ස්තුතියි! ගොඩක් වැදගත් වටිනා තොරතුරැ!! මෙම
ප්‍රතිචාර ඉතාමත් අගයම්. මේම තොරතුරැ බොහෝ වටියි.

Post a Comment

තවත් මේවන් ලිපි,