RSS
සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි.

ජනවාරි 15 නොහොත් අද වළයාකාර සූර්යග්‍රහණය සිදුවේ. (11.11)

ජනවාරි 15 නොහොත් අද වළයාකාර සූර්යග්‍රහණය සිදුවේ. කොළඹ විශ්ව විද්‍යලයේ භෞතිකවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයරත්න මහතා රේඩියොවකට පැවසිය.
කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය විසින් අද දින වළයාකාර සූර්යග්‍රහණය නිමිත්තෙන් සජීවී අන්තර්ජාල විකාශන තරඟාවලියක් සංවිධානය කර ඇති බවද කිවේය.ඒ අනුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ දුරේක්‍ෂ මගින් යාපනය විශ්වවිද්‍යාලයේ සිට සහ ආරච්චිකට්ටුවේ සිට ලබාගන්නා ග්‍රහණ  ඡායාරූප www.accimt.lk වෙබ්අඩවිය හරහා සජීවීව විකාශනය කිරීමට සැලසුම් යොදා ඇත.

දර්ශණය වන සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවලට වළයාකාර ලෙසිනුත් දකුණු ප්‍රදේශවලට උපරිම අවස්ථාවේදී සූර්ය තැටියෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් චන්ද්‍රයාගෙන් වැසුනු අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් දිස්වේ. පෙරවරු 11.11 සිට පස්වරු 3.12 දක්වා කාලය තුළ මෙය අපට දිස්වේ.කොළඹට 11.11 දිසවේයි.

1955 ජුනි 20වනදා දිස්වූ පූර්ණ සුර්යග්‍රහණයට පසුව ලංකාව හරහා ග්‍රහණ මධ්‍ය රේඛාවක් යමින් අපට හොදින්ම දිස්වන සූර්යග්‍රහණය මෙය බැවින් මෙම ග්‍රහණය ඉතා වැදගත්කමක් උසුලයි.
පුලුවන්නම් බලමු

1 comment:

Anonymous said...

i too saw now!!!

Post a Comment

තවත් මේවන් ලිපි,